Economist Intelligence Unit (EIU) විසින් 2023 වසරේ ලොව ජීවත්වීමට හොඳම නගර ශ්‍රේණිගත කිරීම නිකුත් කර තිබෙනවා.
රටවල් 173ක් අතුරින් ලොව ජීවත්වීමට හොඳම නගරය බවට ඔස්ට්‍රියාවේ වියානා නගරය පත්ව තිබීම විශේෂත්වයක්.
ඔස්ට්‍රියාවේ වියානා නගරය 'සිහින නගරය' ලෙස හඳුන්වන බව සඳහන්.
මෙම නගර ශ්‍රේණිගත කිරීම් සඳහා සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි සාධක Economist Intelligence Unit (EIU) විසින් උපයෝගී කරගෙන තිබෙනවා.
මිට අමතරව එම ශ්‍රේණිගත කිරීම්වල දෙවෙනි ස්ථානය ඩෙන්මාර්කයේ කොපර්න්හේගන් නගරයට හිමිව තිබෙනවා.
ලොව ජීවත්වීමට හොඳම නගර 10 පහළින්,
1. වියානා, ඔස්ට්‍රියාව
2. කොපර්න්හේගන්, ඩෙන්මාර්කය
3. මෙල්බර්න්, ඔස්ට්‍රේලියාව
4. සිඩ්නි, ඔස්ට්‍රේලියාව
5. වැන්කුවර්, කැනඩාව
6. සූරිච්, ස්විස්ටර්ලන්තය
7. කැල්ගරි, කැනඩාව
8. ජිනීවා, ස්විට්සර්ලන්තය
9. ටොරොන්ටෝ, කැනඩාව
10. ඔසාකා, ජපානය