රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ උත්සවය අද (19) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
එය එළඹෙන මස 4 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මෙවර ඇසළ උත්සව සමයේදී කතරගම පුදබිමට බැතිමතුන් ලක්ෂ 15ක් පැමිණෙනු ඇති බව සඳහන්.
පුදබිමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10000කට ආසන්න ප්‍රමාණයක් අනුයුකත්ත කර තිබෙන බව පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.
(colombotimes.lk)