2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අද (21) පැවැති තරගවලින් ජයග්‍රහණ ලබාගන්නට ඕමාන කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම සමත්වුණා.
ඕමාන කණ්ඩායම UAE කණ්ඩායම සමග පැවැති තරගය කඩුළු 5කින් ජයග්‍රහණය කළ අතර අද පැවැති අනෙක් තරගයෙන් එක කඩුල්ලක තියුණු ජයක් ලබාගන්නට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්වුණා.
අයර්ලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 287ක ඉලක්කය ස්කොට්ලන්ත කණ්ඩායම කඩුලූ 9ක් දැවී අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී හඹා යෑම විශේෂත්වයක්.
තරග 2ම බුලවයෝ හිදී පැවැත්වුණා.
(colombotimes.lk)