01 July 2025

logo

The Super Mario Bros. බොක්ස් ඔෆිස් වාර්තා තබයි



'The Super Mario Bros. Movie' විසින් එය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර පළමු සතිය තුළ බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Universal නිවේදනයට අනුව පසුගිය 29වන ඉරිදා එය ලොව පුරා ඩොලර් බිලියනයකට වඩා උපයා ගැනීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව එය ප්‍රදර්ශනය කළ දින සිට මේ දක්වා නැරඹුම් දර්ශක වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇති බව සඳහන්.

එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ මෙය ඩොලර් බිලියන 1 ඉක්මවූ ඉතිහාසයේ 10 වැනි සජීවිකරණ චිත්‍රපටය බවට පත්වීමයි.
(colombotimes.lk)