චීනයේ ළමයින් අතර පැතිර ගිය රෝගය තවත් රටවල් කිහිපයකින් මතු වෙයි



උතුරු දිග චීනයේ ළමයින් අතර සුලබව වාර්තා වූ අසාමාන්‍ය නියුමෝනියාව හෙවත් සුදු පෙනහලු රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් මේ වනවිට අමෙරිකානු හා යුරෝපා කලාපවලින් හමු වන බව වාර්තා වනවා.

ඒ අනුව කැනඩාවෙන්, ඉතාලියෙන් සහ රුමේනියාවෙන් ද සුදු පෙනහලු රෝගීන් වාර්තා වී තිබෙනවා.

මේ අනුව තායිවානය පසුගියදා තීරණය කළේ, චීනයේ සිට පැමිණෙන මගීන් සඳහා ගුවන්තොටුපොළ පරික්ෂා දැඩි කිරීමටයි.

ගෙවුණු නොවැම්බර් මාසයේ සිට චීන මගීන් 30 දෙනෙකු නියුමෝනියා ආසාදිතයින් බවට හඳුනා ගැනීමට මීට හේතුවයි.
(colombotimes.lk)