ලබන වසරේ සිට ඉන්දුනීසියාවේ බාලි දූපත වෙත පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා බදු පැනවීමට තීරණය කර තිබෙනවා.
බාලි දූපතේ සංස්කෘතික ස්ථාන ආරක්ෂා කිරීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
බාලි ආණ්ඩුකාරවරයා විසින් අදාළ තීරණය ගෙන ඇති අතර විදෙස් සංචාරකයින් එහි සංචාරය කරන එක් වරකදී පමණක් එම බදු අය කිරීමට කටයුතු කරන ලෙස නීති සම්පාදකයින්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
ඒ අනුව බාලි දුපත වෙත පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් ලබන වසරේ සිට ඇමරිකානු ඩොලර් 10ක මුදලක් බදු ලෙස අය කිරීමට නියමිතයි.
(colombotimes.lk)