02 April 2025


ණය පනතක් අවලංගු කරයි



1957 අංක 29 දරන විදේශ ණය පනත සහ එහි පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අදාළ කැබිනට් තීරණයේ සඳහන් වන්නේ 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත මඟින් විදේශ ණය ගැනීම් කළමනාකරණය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි ආවරණය වන බැවින් 1957 අංක 29 දරන විදේශීය ණය පනත සහ එම පනතට සිදු කරන ලද සියලු සංශෝධනයන් අවලංගු කළ යුතුව ඇති බවයි.

ඒ සඳහා 2024-12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය එකඟතාව ලබාදී ඇති බවද එහි සඳහන්.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ විදේශීය ණය (අහෝසි කිරීම ) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිතුවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

(colombotimes.lk)