වසර 64ක ඉතිහාසයකට හිමිකම් කියන ජාතියේ අභිමානය වූ මහජන බැංකුව අද (07) සිය නවතම ප්‍රධාන කාර්යාල පරිශ්‍රය විවෘත කළා.
ඒ නො : 374, කොල්වින් ආර් සිල්වා මාවත, කොළඹ 02 යන ස්ථානයේයි.
නවීන තාක්ෂණය තුළින් බලගැන්වූ විශිෂ්ට බැංකුකරණයක අත්දැකීම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සමීප කරවීමේ තවත් පියවරක් ලෙස මහජන බැංකුව මෙරට මූල්‍ය ගමන්මගෙහි සුවිශේෂී මංසලකුණක් මෙලෙස සනිටුහන් කිරීමට සමත් වනවා.
හරිත ගොඩනැගිලි සංකල්පයට අනුව ඉදි වූ අති නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම ප්‍රධාන කාර්යාල පරිශ්‍රය මහල් 23කින් සහ බිම් මහල් 3කින් සමන්විතයි.
මහජන බැංකුවේ 'අහිමානය People's Tower' විවෘතවීම සම්බන්ධව ප්‍රධාන ජාතික පුවත්පත්වල මුල් පිටුවෙහි පළ කළ දැන්වීම් පහතින්,