ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය 2022 ජුනි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගය බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාවලිය මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට කළ ඉඟියත් සමඟ මෙම මිල ඉහළ යාම සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට අමතරව ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම හේතුවෙන් කලාපීය ගැටුම් තවදුරටත් උත්සන්න විය හැකි බවට පවතින බිය ද මෙයට ප්‍රධාන හේතුවක් වී තිබෙන බවයි.
(colombotimes.lk)
