2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඊයේ (18) ආරම්භ වුණා.
ඒ, සිම්බාබ්වේ හි හරාරේ ක්‍රීඩාංගණයේදී.
තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (19) එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.
අද ((19) තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට බුලවායෝ හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඊයේ පැවති තරග ජයග්‍රහණය කරන්නට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.
ඒ, නේපාල කණ්ඩායම සහ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පරාජයට පත්කරමින්.
(colombotimes.lk)