18 February 2026

logo

කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතුවෙයි



දිට්වා සුළි කුණාටුවෙන් පසු කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයන් පහළ බැසීමත් සමඟ ජලාශය ඉදි කිරිමේදී යට වූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතු වී තිබෙනවා.
 
එම විහාරස්ථානයේ බුදු පිළිමය ඇතුළු විහාරස්ථානයේ නටඹුන් මතු වීමත් සමඟ එම නටඹුන් දැක බලා ගැනීමට විශාල පිරිසක් දිනපතා කඩදොර විහාරස්ථානය අසළට පැමිණෙන බවයි වාර්තා වන්නේ.
 
දිට්වා සුළි කුණාටුවෙන් පසු ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම පහළ බැසීමත් සමඟ ජලාශයේ රොන් මඩ සහ වැලි තම්පත් වී ඇති ආකාරය Colombo Times අප ප්‍රාදේශීය වාර්තාකරුගේ කැමරාවේ සටහන් වූයේ මෙලෙසින්. 





(colombotimes.lk)