16 April 2025


ප්‍රදේශ 04කට හිරු මුදුන් වෙයි



මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකටත් අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල සහ පුත්තලම, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ උතුරු, උතුරුමැද, වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30-40ක තරමක තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර අද දහවල් 12:11ට පමණ අඩියකුලම්, වෙප්පන්කුලම්, පදවිය සහ කුච්චවේලි ශ්‍රී ලංකාවේ සූර්යයා ඉහළින් ඇති ආසන්නතම ප්‍රදේශ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)