කුලී පදනම මත නිවාස ලබාදීමේදී ඇතිවන මගහරවා ගැනීම සඳහා රජය ගෙන ආ නව පනත් කෙටුම්පතෙහි අරමුණු සම්බන්ධව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (03) පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ මෙම පනත් කෙටුම්පතෙහි අරමුණ බවට පත්වී ඇත්තේ නිවාස හිමියා සහ එම නිවෙසෙහි කුලී පදනම මත රැඳී සිටින්නන් අතර පවතින සම්බන්ධතාවය ආරක්ෂා කිරීම බවයි.
ඒ අනුව කුලී පදනම මත නිවසක් ලබාදීමේදී පැමිණ තිබෙන ගිවිසුම් අනුව ක්‍රියාකළ යුතු බවත් කිසියම් හෝ අයුරින් එම ගිවිසුම් කඩ කරමින් නීති විරෝධී ලෙස කටයුතු කළ නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)
