ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දිව පසුගියදා කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙනවා.
ඒ සංජීවගේ ඝාතනයෙන් පසුව දින කිහිපයක් සැඟව සිටි බව කියන ස්ථාන පරීක්ෂා කිරීම සඳහායි.
මේ අතර කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් පරිදි ඉෂාරාගේ රුවට සමාන රුවක් ඇති තරුණියක් සොයමින් සිටින අතරතුර ජැෆ්නා සුරේෂ්ට 'තක්ෂි' නැමැත්තිය හමුවී තිබෙනවා.
තක්ෂි නැමති කාන්තාවට සිංහල භාෂාව කතා කිරීමට නොහැකි බවයි වාර්තා වන්නේ.
රැකියාවක් සඳහා විදේශගත කරවන බව පවසමින් සුරේෂ් ඇයව නේපාලනයට රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
ඒ අනුව තක්ෂි නැමැත්තිය කිසිවක් නොදැන නේපාලයට රැගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)