මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජන ජීවිතයට සහ රථවාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා.
අධික වර්ෂාවත් සමඟ ඇති වූ තද සුළං සහ ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් හැටන් කොළඹ, හැටන් නුවරඑළිය මාර්ගවල රථාවාහන ධාවනයට බාධා පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ පවතින අයහපත් කාළගුණයත් සමඟ එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි.
මේ අතර පවතින වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසනවා.
(colombotimes.lk)