12 February 2025


දිය අනතුරකින් විදේශිකයන් තිදෙනෙක් බේරාගනියි



හික්කඩුව වෙරළ තීරයේ දියනෑමට ගිය විදෙස් ජාතික කාන්තාවන් තිදෙනෙක් දිය වැලකට ගසාගෙන යමින් සිටියදී ඊයේ (11) බේරාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනතුරට පත් කාන්තාවන් අවුරුදු 33, 40 සහ 43 වන වයස්වල පසුවන රුසියානු ජාතිකයන් බවයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව හික්කඩුව පොලීසිය සඳහන් කළා.

(colombotimes.lk)