colombotimes.lk
සිංහල | English

06 May 2024

ශ්‍රීලනිපයේ ප්‍රධානීන්ට තවත් වාරණ නියෝග තුනක්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් වරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල මහතා කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන අතර වැඩ බලන ප්‍රධාන ලේකම් වරයා විසින් ගනු ලැබු තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම වාරණ නියෝග මැයි මස 8 දක්වා බලපැවැත්වෙන බව සඳහන්.
(colombotimes.lk)