දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුරෙන් විපතටපත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහල තුළ සිර වී සිටි පුද්ගලයන් තිදෙනෙක් බේරා ගෙන තිබෙනවා.
ගුවන් හමුදාවට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මඟින් මෙම තිදෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්ත මුදවා ගැනීමේ කණ්ඩායම විසින් මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.
(colombotimes.lk)
