18 February 2026

logo

පොළව යට වළ දමා තිබූ රොකට් ලෝන්චර් 03ක් හමුවෙයි



පොළව යට වළ දමා තිබියදී ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් (Rocket Launcher) වර්ගයේ ගිනිඅවි 3ක් සොයා ගෙන තිබෙනවා. 

ඒ මඩකලපුව, කුඩුම්බිමලෛ ප්‍රදේශයේ තිබියදීයි.   

විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එක්ව කුඩුම්බිමලෛ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම ගිනිඅවි සොයා ගෙන තිබෙනවා. 

සොයාගත් ගිනිඅවි වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන පොලීසිය වෙත භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)