අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරක් වන තුසිත හල්ලොලුව අධිකරණයට භාරවීමට පැමිණ තිබෙනවා.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් ඊයේ (13) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා වරෙන්තු නිකුත් කළා.
ඒ නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවෙක් වශයෙන් තුසිත හල්ලොලුව නම් කර සිටීම හේතුවෙන්.
(colombotimes.lk)
