14 September 2025

logo

කුලියාපිටිය අනතුරේ ටිපර් රථ රියදුරා රිමාන්ඩ්



පාසල් සිසුවියන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකක්ට මරු කැඳවමින් කුලියාපිටියේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ එළඹෙන සැප්තැම්බර් මස 08වනදා දක්වායි. 

ඔහුව අද (28) කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා හමුවට ඉදිරිපත් කර තිබෙනවා. 

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකාබැලීමෙන් අනතුරුව සැකකාර ටිපර් රථ රියදුරා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

අදාළ රියදුරා පැය 24කට අධික කාලයක් නිදිවර්ජිතව රිය ධාවනය කර ඇති බවට අනාවරණය වී ඇති බවද පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කළා. 

ඒ අනුව අදාළ ටිපර් රථයේ හිමිකරුට විරුද්ධව ද ඉදිරියේදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණයේදී අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)