ඉන්දියාවේ 77වන ජනරජ දින සැමරුම අද (26) ශ්‍රී ලංකාවේ කොළඹ ඉන්දීය මන්දිරයේදී පවත්වා තිබෙනවා.
ඒ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාගේ ප්‍රධානත්වයෙන්.
මෙම උත්සවය සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය විදේශගත ප්‍රජාව එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
