09 May 2025


තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය අද



බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය අද පැවැත් වෙනවා. 

ඒ අනුව දහස් සංඛ්‍යාත ජන සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී තෙවන චාර්ල්ස් රජු සහ ඔහුගේ බිරිඳ රාජ්‍යත්වයට පත්වනවා. 
 
දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයෙන් පසු බ්‍රිතාන්‍යයේ රාජාභිෂේක මංගල්‍යයක් පැවැත්වෙන්නේ වසර 70 කට පසුවයි. 
 
එම උත්සවය මෙරට වේලාවෙන් අද පස්වරු 02.50 ට ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. 
 
රාජාභිෂේකය සඳහා තුන්වන චාල්ස් රජු හා කැමිලා බිසව බකින්හැම් මාළිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය දක්වා රැගෙන එන්නේ අළු පැහැති අශ්වයින් 6 දෙනෙකු බැඳි සාම්ප්‍රදායික කරත්තයකින් වීම විශේෂත්වයක්.
(colombotimes.lk)