colombotimes.lk
සිංහල | English

17 September 2024


සිව්දින පුහුණු තරගයේ තුන්වන දිනය අදයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ තුන්වන දිනය අද (16) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 139ක් පමණයි.

එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 26ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 20ක් රැස් කළා.

තරගයේ දෙවන දිනය නිමා වන විට එංගලන්ත ලයන්ස් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 324ක් රැස් කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක් බිඳ හෙලීමට සමත් වුණා.

ඒ අනුව අද (16) ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කිරීමට නියමිතයි.

(colombotimes.lk)