28 January 2026

logo

ගත වූ දින කිහිපයේ සංචාරක පැමිණීම් ලක්ෂ 02 ඉක්මවයි



2026 වසර ආරම්භ වූ පළමු 25 දින තුළ සංචාරකයන් 223,645දෙනෙක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 

එම අධිකාරිය සඳහන් කළේ ජනවාරි 15වනදා වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණි බවයි. 

එදින මෙරටට සංචාරකයන් 10,483දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා. 
 
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මේ දින 25 තුළ සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් පැමිණ තිබෙන බවයි.

එම සංඛ්‍යාව 41,603ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.  

ඊට අමතරව රුසියාවෙන් 22,876දෙනෙක්, එක්සත් රාජධානියෙන් 23,329දෙනෙක් සහ ජර්මනියෙන් 14,431දෙනෙක් මෙරටට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)