20 October 2025

logo

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට



කැලණිවැලි මාර්ගයේ සිදු වූ දුම්රිය පීලි පැනීම මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර ඊයේ (19) පස්වරුවේ දුම්රියක් පීලි පැනීමකට ලක්වූ අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වුණා. 

මේ වන විට එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කර එම මාර්ගයේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදී සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 


(colombotimes.lk)