ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (20) පැය 30ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ අද (20) පෙරවරු 8.00 සිට හෙට (21) පස්වරු 2.00 දක්වා වූ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි.
ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත් වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජලය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව බෝපේ, පෝද්දල, අක්මීමන සහ රත්ගම යන ප්‍රදේශයේ සඳහා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
මේ අතර අහංගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ ජල සැපයුම සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
(colombotimes.lk)