බෝරා සමුළුව පැවැත්වීම වෙනුවෙන් කොළඹ ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම සමුළුව ජූනි 25, 27 සහ ජූලි 05වනදා යන දිනවල බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව, ඩී. ආර්. විජේවර්ධන මාවත ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා බෝරා අදහන විශාල බැතිමතුන් පිරිසක් සහභාගීවීමට නියමිතව ඇති බැවින් ඉහත දිනවල උදෑසන 07.00 සිට රාත්‍රී 10.00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී. ආර්. විජේවර්ධන මාවතට කන්ටේනර් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළු වීම සීමා කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ සම්බන්ධව පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)