අපරාධ නඩු කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් පොලිස් රැදවුම්භාරයෙන් පළායාම සිද්ධියට අදාළව රත්නපුර පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක්ගේ වැඩ තහනම් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් රත්නපුර මූලස්ථාන පොලීසියට භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.
සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙක් වන ඔහු රත්නපුර අංගම්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර පෙරේදා රාත්‍රියේ වැසිකිලියාමට අවශ්‍ය බව පවසමින් ඔහු පොලීසියෙන් පළාගොස් තිබෙනවා.
පළාගිය සැකකරුට මනුෂ්‍ය ඝාතන සිද්ධීන් 02ක් සම්බන්ධ නඩු 02ක් සහ විවෘත වරෙන්තු 02ක් පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)