01 August 2025

logo

බ්‍රසීලයට පැනවූ තීරු බදු ප්‍රතිශතය නිවේදනය කරයි



ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රසීලයට 50%ක තීරුබදු පැනවීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රසීලයේ ප්‍රතිපත්ති සහ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහිව අපරාධ නඩු පැවරීම 1977 නීතියක් යටතේ ආර්ථික හදිසි අවස්ථාවක් බවට නීතිමය තර්කයක් ද ඉදිරිපත් කර තිබෙන බවයි. 

එමෙන්ම ජූලි 9වනදා ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත ලිපියක් යොමු කරමින් ට්‍රම්ප් තීරුබදුවලට තර්ජනය කර තිබෙනවා. 

නමුත් එම තර්ජනයේ නීතිමය පදනම වී ඇත්තේ වෙළඳ අසමතුලිතතාවයන් එක්සත් ජනපද ආර්ථිකයට තර්ජනයක් වන බවට පූර්ව විධායක නියෝගයක් ඉදිරිපත් කිරීමයි.

නමුත් එක්සත් ජනපද සංගණන කාර්යාංශයට අනුව ඇමරිකාව පසුගිය වසරේ බ්‍රසීලය සමඟ ඩොලර් බිලියන 6.8ක වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන තිබෙනවා.

(colombotimes.lk)