01 August 2025

logo

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්



මරදානේ සිට නාවලපිටිය දක්වා අඹුසැමි යුවලක් ගමන්ගත් යතුරුපැදියක් අද (31) උදෑසන අනතුරකට ලක් වී තිබෙනවා.

ඒ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල ප්‍රදේශයේදීයි.  

කොළඹ සිට වටවල දක්වා ධාවනය වූ ලොරි රථයක් අපරික්ෂාකාරී ලෙස යතුරුපැදිය ඉස්සර කර යාමට තැත් කිරිමේදී මෙලෙස යතුරුපැදිය ලිස්සා ගොස් තිබෙනවා.

ගිනිගත්හේන පොලීසිය සඳහන් කළේ බිරිඳ එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වූ බවයි.

එමෙන්ම යතුරුපැදිය ධාවනය කළ සැමියා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි වියේ පසුවන දෙදරු මවක්. 

ඔවුන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඥාතියෙක් බැලීමට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබෙනවා.




(colombotimes.lk)