දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව පාලක මැදිරිය සඳහන් කළා.
දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වාද්දුව දුම්රිය ස්ථානයේදී අද (18) පෙරවරුවේ මෙලෙස කාර්මික දෝෂයකට ලක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් උදෑසන දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)