ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් අඹේපුස්ස දක්වා පමණක් සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ සඳහන් කළේ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනට කොච්චිකඩේ දක්වා සීමා කර ඇති බවයි.
මේ අතර ආපදා තත්ත්වයෙන් හානියට පත් දුම්රිය මාර්ග පිළිසකර කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාර්ගයේ ස්ථාන රැසක සෝදායාම් හා නායයෑම් වාර්තා වන බවයි.
එමෙන්ම ඇතැම් ස්ථානවලටද දැඩි හානි සිදු වී තිබෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)
