කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය මාස 10කට අධික කාලයකින් අනතුරුව අද (12) සිට යළි ආරම්භ වනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (12) පස්වරු 4.15ට කොළඹ කොටුවෙන් තලෙයිමන්නාරම බලා එම දුම්රිය පිටත්වන බවයි.
එය තලෛයිමන්නාරමට අද (12) රාත්‍රී 10.15ට ළඟා වීමට නියමිතව තිබෙනවා.
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉඳිපොළ සඳහන් කළේ තලෙයිමන්නාරමෙන් හෙට (13) අලුයම 04.15ට කොළඹ කොටුව බලා ධාවනය වන බවයි.
එම දුම්රිය හෙට (13) උදෑසන 10.15ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)