28 November 2025

logo

දුම්රිය ධාවනය සීමා කරයි



දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතැම් මාර්ගවල දුම්රිය ධාවනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කොටුව සිට මහනුවර හා බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය හා බදුල්ල හා මහනුවර සිට කොළඹ කොටුව බලා උදෑසන ධාවනය වීමට තිබූ දුම්රිය ගමන්වාර 12ක් අවලංගු කර තිබෙන බවයි. 

කෙසේ නමුත් කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන සාමාන්‍ය දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,  



(colombotimes.lk)