ඊයේ (03) දිනයේ ඇති වූ තත්වය මත අද දිනයේදි උඩරට මාර්ගයේ දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුව සිට මහනුවර හරහා බදුල්ල බලා ධාවනය වන අංක 1015 දරණ උඩරට මැණිකේ දුම්රිය ප.ව. 1.35ට පමණ ගම්පොල දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතයි.
එමෙන්ම කොළඹ කොටුව සිට පේරාදෙණිය හරහා බදුල්ල බලා ධාවනය වන අංක 1007 දරණ දුම්රියද බොහෝ වේලා ප්‍රමාද වී ධාවනය වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
