නැගෙනහිර මාර්ගයේ අද (27) ධාවනය වීමට තිබූ දුරගමන්, නගරාන්තර සහ රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 06ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ නැගෙනහිර මාර්ගයේ ගංගා හා ජලාශයන්වල ගංවතුරෙන් දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන්.
ඒ අනුව නැවත දැනුම් දෙනතුරු නැගෙනහිර මාර්ගයේ ත්‍රිකුණාමලය හා මඩකළපුව දුම්රිය ගමන්වාර අවලංගු කර තිබෙනවා.
(colombotimes.lk)
