19 April 2025


ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයකට ඉරාන ජතිකයෙක්ට අධිචෝදනා



ඇමරිකානු ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණ සිද්ධියක් සම්බන්ධයෙන් ඉරාන ජාතිකයෙක්ට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අධිචෝදනා ගොනු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් ඝාතන උත්සාහය සඳහා 'සැලැස්මක් සැපයීම' යන චෝදනාව යටතේ ඔහුට අධිචෝදනා ගොනු කර ඇති බවයි.

51 හැවිරිදි වියේ පසුවන ෆර්හාඩ් ෂකේරි යන සැකකරුව තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව ඇමරිකානු රජය සඳහන් කළා.  

ඒ අනුව ඇමරිකානු රජය කියා සිටියේ ඔහු ඉරානයේ සිටින බවට විශ්වාස කරන බවයි.

(colombotimes.lk)