ගාසා තීරය පිළිබඳ සාම ගිවිසුමකට කඩිනමින් එළඹෙන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු සඳහන් කළේ හමාස් සංවිධානය විසින් රැගෙන ගිය ප්‍රාණ ඇපකරුවන් සියලුදෙනා නැවත මුදා හැරෙන බවයි.
ගාසා තීරය පිළිබඳව මැද පෙරදිග රටවල් සමඟ ඔහු සාකච්ඡා සිදු කර තිබෙනවා.
ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තවදුරටත් අඛණ්ඩව එම සාකච්ඡා සිදුකරන බවයි.
එම සාකච්ඡා අතරතුර කරුණු 21කින් යුත් මැද පෙරදිග සාම සැලැස්මකට ඇතුළත් යෝජනා ට්‍රම්ප් විසින් ඉදිරිපත් කළ බව ඇමරිකානු නියෝජිත ස්ටීව් විට්කොෆ් සඳහන් කළා.
(colombotimes.lk)