ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ඉන්දියන් සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් හෙට (05) මෙරට ස්ථාන 05කදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එබැවින් එදින සුනාමි ගැන අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි.
යුනෙස්කෝ නිල මාර්ගෝපදේශ යටතේ පවත්වන මෙම පෙරහුරු වැඩසටහන සඳහා මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල තෝරාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 05ක් ඇතුළත් කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ප්‍රධාන ජාතික පෙරහුරු අභ්‍යාසය කළුතර දිස්ත්‍රික්කයේ පෙරවරු 8:30ට ආරම්භ කරන බවයි.
(colombotimes.lk)
