මෙරට තානාපති සේවයේ සිය ධූර කාලය නිම කර නික්ම යන තුර්කි තානාපතිනි R. Demet Şekercioğlu අද (05) ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමු වුණා.
ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදීයි.
තුර්කි නියෝජිතවරිය සිය ධූර කාලය තුළදී ශ්‍රි ලංකා රජය සමඟ ඉතා සුහදත්වයෙන් කටයුතු කිරීම සම්බන්ධව හා එතුමිය මෙරට දී කරන ලද සේවය ඇගයීමට ලක් වුණා.
තුර්කි ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට 1995 වසරේදී සම්බන්ධ වූ ඇය 2020 ජනවාරි 7 වන දින කොළඹ දී මෙරට තුර්කි තානාපතිනිය ලෙස රාජකාරි භාර ගත්තා.