22 January 2026

logo

දොළොස් වසරක බලාපොරොත්තුවක ඇරඹුම | ශ්‍රී ලංකා - එංගලන්ත පළමු සටන අදයි



සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (22) ආරම්භ වනවා.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය අද පස්වරු 2.30ට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම 2026 වසරේ ක්‍රීඩා කරන පළමු එක්දින තරගාවලිය ලෙස අද ආරම්භ වන එංගලන්තයට එරෙහි තරගාවලිය වාර්තා වනවා.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක සහ එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස හැරී බෘක් කටයුතු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට එක්දින තරග 79ක් පවත්වා තිබෙනවා.

ඉන් තරග 38ක ජය එංගලන්ත කණ්ඩායම හිමි කරගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙන තරග සංඛ්‍යාව 37ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජයග්‍රහණය කර තිබෙන්නේ 2014 වසරේදීයි.

එහිදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5කින් සමන්විත තරගාවලිය තරග 5 - 2ක් ලෙස ජයග්‍රහණය කළා. 

(colombotimes.lk)