07 July 2025

logo

Elon Musk නිසා Twitter ආදායමෙන් අඩක් අහිමිවෙයි



Elon Musk විසින් Twitter සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව එම සමාගමේ ආදායමෙන් අඩක් අහිමිවී තිබෙනවා. 

නමුත් ජූනි මාසයේදී අපේක්ෂා කළ පරිදි Twitter සමාගමේ විකුණුම් වැඩිවීමක් සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
මීට අමතරව වියදම් කපා හැරීමේ අරමුණෙන් 2022 වසරේදී Twitter කාර්ය මණ්ඩලයෙන් අඩක් පමණ සේවයෙන් ඉවත් කෙරුණා. 
 
මේ වනවිට Twitter පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 150ක් බවයි වාර්තා වන්නේ. 
 
පසුගිය දා Meta ආයතනය නිකුත් කළ Threads හරහා Twitter තවත් පසුබෑමකට ලක්වන බව සඳහන්.
(colombotimes.lk)