ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙක් ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර 2025 ඔක්තෝබර් මස 24වනදා සිට ද සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර 2025 නොවැම්බර් මස 03වනදා සිට ද ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර තිබෙනවා.
මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 

(colombotimes.lk)
