සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පස්දෙනා දිවයිනට රැගෙන ඒම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙක් නේපාලය බලා පිටත්ව ගොස් තිබෙනවා.
මේ වන විටත් නේපාලයේ සිටින CID කණ්ඩායමට සහාය වීම සඳහා ඔවුන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සැකකරුවන් සියලුදෙනා අද (15) සවස දිවයිනට පැමිණීමට නියමිතයි.
නේපාල ආරක්ෂක අංශ සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී ඇය නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර 18ක පමණ දුරින් පිහිටි නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)