18 February 2026

logo

විදේශීය දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් කොටුවෙයි



නීතිවිරෝධී ලෙස ගුවන් මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලද විදේශ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 සහ 42 යන වයස්වල පසුවන ඉහළ කොට්ටාරාමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි. 

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී දුම්වැටි 57,200ක් සහිත කාටුන් 286ක් සොයාගෙන තිබෙනවා.

(colombotimes.lk)