08 January 2026

logo

ශ්‍රී ලංකාවේ තවත් වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ලෙඩ වෙයි



ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඔවුන්ට ඉවත්වීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව සමඟ පැවති 3වන T20 තරගයේදී පන්දු රකිමින් සිටි මතීෂ පතිරණ උරහිසේ ආබාධයකට ලක් වී තිබෙනවා.

එමෙන්ම ඩිල්ෂාන් මධුශංක පුහුණු සැසියක් අතරතුර මස්පිඬු ආබාධයකට ලක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)