ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය පුද්ගලයන් දෙදෙනෙක් අතුරුදන් වී තිබෙනවා.
පසුගිය 21වනදා සවස් කාලයේ කල්පිටිය, සින්නකුඩිඉරිප්පු කලපු තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටව ගිය පුද්ගලයන් දෙදෙනෙක් නැවත නොපැමිණීම සම්බන්ධව ඊයේ (22) කල්පිටිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අතුරුදන් වූ පුද්ගලයන් අවුරුදු 27 හා 34 යන වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අතුරුදන් වූ ධීවරයන් දෙදෙනා සොයා කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් එක්ව මෙහෙයුම් දියත් කර ඇති බව පොලීසිය පවසනවා.
(colombotimes.lk)