28 October 2025

logo

රටවල් දෙකක අමුත්තන් දෙදෙනෙක් අද මත්තලට



‍පළමුවරට බෙලරූස් රාජ්‍යයේ බෙලාවියා ගුවන් සේවයට අයත් ගුවන්යානයක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. 

සංචාරකයන් පිරිසක් සමඟ අදාළ ගුවන්යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (28) ළඟාවීමට නියමිතයි. 

එම ගුවන්යානය සංචාරකයන් 170දෙනෙක් සමඟ පැමිණීමට නියමිතව තිබෙනවා. 

රුසියාවට අයත් රෙඩ්වින්ග්ස් ගුවන් සේවයේ ගුවන්යානයක් ද අද (28) දිවයිනට පැමිණීමට නියමිතයි. 


(colombotimes.lk)