08 January 2026

logo

ආධාර රැගත් තවත් ගුවන්යානා 02ක් කටුනායකට



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපදා ආධාර රැගත් තවත් ගුවන්යානා 02ක් අද (03) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. 

එරට ගුවන් හමුදාවට අයත් විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා දෙකක් වන C-17 වර්ගයේ යානා අබුඩාබි නුවර සිට මෙරටට ළඟා වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම ගුවන්යානයේ ආපදා සහන මෙහෙයුම් සඳහා යොදාගන්නා වාහන සහ ආහාර ඇතුළත් වනවා. 

මෙම ආධාර තොගය භාර ගැනීම සඳහා මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. 




(colombotimes.lk)